මිලින වූ හදවතකට ජීවයක් ලබා දීමේ අරමුණින් ලංකාවේ දැවැන්තම ලේ දන්දීමේ වැඩ සටහන 2025 .07.20 වන දින ගොඩගම සුභාරතී විද්‍යාල භූමියේදී පැවැත්විණි.
මෙම මහා පුණ්‍ය කර්මය සඳහා 700කට ආසන්න පින්වතුන් පිරිසක් තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා පැමිණි අතර ඔවුන්ගෙන් ලේ පයින්ට් 500 ක් පමන එකතුකර ගැනීමට හැකි විය.
ගොඩගම පුබුදු කලා කවය මෙම සත් ක්‍රියාවට සංවිධාන ශක්තිය ලබා දුන් අතර මේය සම්බන්ධීකරණය කරන ලද්දේ වසම්භාර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසිනි.
මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එම්.හේරත් මහතාත්, ශ්‍රී සුභාරතී විද්‍යාලීය විදුහල්පති සමන් මංජුල මහතාත්, ගොඩගම උතුර ග්‍රාම නිලධාරී ධම්මික කරුණාතිලක මහතා ඇතුළු තවත් බොහෝ පිරිසක් මෙම සත් ක්‍රියාව සමඟ එක් විය.
















