වැඩිහිටියන් සෞඛ්‍ය සම්පන්න දේශිය ආහාර රටාවන්ට හුරු කිරිම, බෝ නොවන රෝග වලින් ආරක්ෂා කිරිම හා ඔවුන්ගේ ස්වයං රැකියාවන් වැඩිදියුණු කිරීමට අත්වැලක් සැපයීම යන අරමුණු පෙර දැරි කොට ගෙන කිරිවත්තුඩුව පහන්දොර වැඩිහිටි සමිතියේ සාමාජිකයින් උදෙසා 2025/07/17 වන දින කිරිවත්තුඩුව ශ්‍රි සාම විහාරයේ දි මඤ්ඤොක්කා පිට්ටු, පොලොස් කැඳ හා කෙසෙල් මුව කට්ලට් යන දේශිය ආහාර සැකසිම සිදු කරන ලදී .
මෙම වැඩසටහන සදහා ආයුර්වේද වෛද්‍ය එස්මිකා පතිරණ මහත්මිය සම්පත්දායකත්වය ලබා දුන් අතර ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත සමාජ සංවර්ධන නිලධාරී (බ.ප) ඩබ්.ඩබ්.මොනීෂා වල්පොලපිටිය මෙය, ආයුර්වේද සංවර්ධන නිලධාරී එන්.එස්.පුංච් හේවා මිය හා සමාජ සේවා නිලධාරී (බ.ප.)සුනිල් අබේධීර මහතා යන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය කරන ලදී.


















