ඇසල පෝය නිමිති කරගනිමින් ගොඩගම රතනසාර දහම් පාසලේ දුවා දරුවන් විසින් ඉදිරිපත් කරන ලද බොදු බැති ගී ප්රසංගය ඇසළ මස 19 වන දින, ගොඩගම පුරාණ විහාරස්ථානයේදී පවත්වන ලදී.
මෙම බැති ගී ප්රසංගය සංවිධානය කරනු ලැබුවේ ගොඩගම ශ්රී රතනසාර දහම් පාසලේ ප්රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය මගිනි.
මෙම කටයුතු සම්බන්ධීකරණය කරමින් බැතිබර දායකත්වය සපයන ලද්දේ ගොඩගම උතුර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසිනි.

















