කසලින් තොර පාසලක් වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෑතර කනිෂ්ට විද්‍යාලයේ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජූනි මස 31 දින පරිසර සංවර්ධන නිලධාරී ලසන්ති නුගලියද්ද විසින් පවත්වන ලදි. සිසු සිසුවියන් 53 දෙනෙක් සහභාගී වූ මෙම වැඩසටහන සම්බන්ධීකරණය සංවර්ධන නිලධාරී රවීන්ද්‍ර අමරතුංග විසින් සිදු කරන ලදී.














