ක්ලීන් ශ්රී ලංකා (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව රිලාවල ග්රාම නිලධාරි වසමේ, රිලාවල මංසන්ධියේ සිට ජයලියගම දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්රමදාන වැඩසටහනක් පසුගිය 2025.08.05 දින සිදු කරන ලදී.
කසළින් තොර පිරිසිදු පරිසරයක් බිහි කිරීමේ අරමුණින් ක්රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා වසමේ මහජන නියෝජිත හෝමාගම ප්රාදේශීය සභාවේ ගරු ප්රාදේශීය සභා මන්ත්රී ගමගේ සිරිවර්ධන මහතා සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපති දමිත සී පෙරේරා මහතා ද සහභාගි වූ අතර ග්රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු වසමේ රාජ්ය නිලධාරීන් සමග ප්රදේශවාසීන්ගේ ද සහභාගිත්වයෙන් වැඩසටහන සිදු කරන ලදී.

















