සිද්ධමුල්ල දකුණ "බැබළෙන මල්" හා සංඝාරාම "බැබළෙන තරු" යන ළමා සමාජවල දරුවන් සඳහා දන්ත සෞඛ්‍ය වැඩසටහනක් 2025.08.14 දින කුඩමාදුව පාර සිද්ධමුල්ල සේවා පියසේදී පවත්වන ලදී.
මෙහිදී ළමා සමාජීය දරුවන් 45 දෙනෙකු ඉලක්ක කර ගනිමින්, මුඛ සෞඛ්‍යය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම, දරුවන්ගේ දත් පරීක්ෂාව සහ දත් පිරවීම ආදි කටයුතු සිදුකළ අතර, කොට්ඨාසයේ පදිංචි, දන්ත චිකිත්සක R.M වාසනා රත්නායක මහත්මිය හා වෛද්‍ය E.M. තත්සරණි මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකමි ප්‍රවර්ධන නිලධාරී කේ.ප්‍රතාපගේ මහතා, සිද්ධමුල්ල දකූණ ග්‍රාම නිලධාරී W.A.R. කුමාර මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරි M.D. තුසිත සමන් මුදලිගේ මහතා, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී S.A.D. දයානි රූපිකා මහත්මිය යන මහත්ම මහත්මීන් ද මේ සඳහා සහභාගි වූ අතර සිද්ධමුල්ල දකුණ හා සංඝාරාම (වැ.බ) සංවර්ධන නිලධාරී H.R.N.R. සංජීවනී මහත්මිය විසින් වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී ..

















