2025 වර්ෂයෙහි  අ.පො.ස( උ.පෙ) විභාගය සඳහා බප/හෝ/ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ සිසු දරුවන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කරන ලද විශේෂ රසවින්දන වැඩසටහන 2025-08-22 වන දින හෝමාගම මධ්‍යමහා විද්‍යාල පරිශ්‍රයෙහිදී පැවැත්විණි.

සෞන්දර්යාත්මක ප්‍රවේශයක් ඔස්සේ සිසුන් ගේ ආකල්ප සංවර්ධනය කිරීම, ගීතය ඔස්සේ දරුවන්ගේ  මනස තුළ සහකම්පනයක් ඇති කිරීම  සහ  සුභාවිත ගීතය තුළින් රසවින්දනයක් ලබා දීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා කොළඹ ,ජයවර්ධනපුර හා සෞන්දර්ය යන විශ්ව විද්‍යාලයන්හි බාහිර කතිකාචාර්‍ය,පිටිපන මහින්ද  රාජපක්ෂ විද්‍යාලයීය සංගීතාචාර්‍ය ,සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

මේ සඳහා සිසුන් 300ක් පමණ සහභාගීවූ අතර, සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20250822musicalprog

20250822musicalprog 2

20250822musicalprog 3

20250822musicalprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top