පාසල් දරුවන්ගේ විවේකය අර්ථවත් වූ විනෝදයක් කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද මහා සරුංගල් තරගය හා සැණකෙළිය 2025.08.31වන දින ගොඩගම කොම්පයා හේන වෙල්යායේදී පැවැත්විණි.

විවිධ අංශ යටතේ   සරුංගල් නිර්මාණ විශාල සංඛ්‍යාවක් ගොඩගම  රතන සාර දහම් පාසලෙහි දරුවන් විසින් සිදුකළ අතර ඉන් ජයග්‍රාහකයින් හට සහතික පත් ලබා දීමද මෙහිදී සිදුවිය.

සරුංගල් සැණකෙළියෙහි විනෝද වීම සඳහා ගොඩගම හා ඒ අවට ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූ අතර මෙම සියලු කටයුතු සඳහා ප්‍රධාන අනුශාසකත්වය ලබා දෙන ලද්දේ ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්ද රතන ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම සියලු කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මැතිතුමාගේ උපදෙස් පරිදි  සංස්කෘතික  නිලධාරී නාලිනී ස්වර්ණලතා මහත්මියගේ සහයෝගය ඇතිව ගොඩගම උතුර ග්‍රාම නිලධාරී වසමෙහි සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසින් සංවිධානය කෙරිනි. තරග විනිශ්චය කරමින් සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ කිතුල හේන ග්‍රාම නිලධාරී වසමේහි සංවර්ධන නිලධාරී  වසන්ත ලාල් හා කහතුඩු උතුර ග්‍රාම නිලධාරී වසමේහි සංවර්ධන නිලධාරී  නිමල් බණ්ඩාර යන මහත්වරුන් විසිනි.

20250831godagamakitefestival

20250831godagamakitefestival 2

20250831godagamakitefestival 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top