රිළාවල වසමේ "එකමුතු" ළමා සමාජයේ  දරුවන්ගේ නායකත්වය හා පෞරුෂය වර්ධනය කිරීමේ අරමුණින්

 'නායකත්ව පුහුණු කඳවුරක්'

 2025 /08/ 22 දින

ජයලියගම සෝමාලෝක විහාරස්ථානයේ දී  පවත්වන ලදී.

දරුවන් 64 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති  මෙම වැඩසටහනේ දී, දරුවන්ගේ නායකත්වය හා පෞරුෂ  වර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් සිදු කළ අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතාපගේ, උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරල සහ  තරුණ සේවා නිලධාරී තනුජා දිසානායක යන මහත්ම මහත්මීන් විසින් සම්පත් දායකත්වය ලබා දෙමින් වැඩසටහන මෙහෙය වන ලදී.

සෝමාලෝක විහාරස්ථානයේ  විහාරාධිපති,පූජ්‍ය රන්සෑගොඩ භද්ධිය  ස්වාමීන් වහන්සේගේ අනුශාකත්වයෙන් පැවති මෙම පුහුණු කඳවුර සඳහා ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී.  චින්තක මහත්මා,  සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.  තේනුවර මහත්මා සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපති දමිත සී. පෙරේරා මහත්මා ආරාධිතයින් ලෙස සම්බන්ධ විය.

දෙමව්පියන් බොහෝ පිරිසකගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන වසමට අනුයුක්ත  රාජ්‍ය නිලධාරීන් විසින් සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

20250822rilawala

20250822rilawala 2

20250822rilawala 3

20250822rilawala 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top