මුල් ළමා විය දරුවන්ගේ පරිකල්පන ශක්තිය , සෞන්දර්යාත්මක නිර්මාණශීලී කුසලතාවයන් අවදිකිරීමේ අරමුණ පෙරදැරිව බස්නාහිර පළාත් සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්රතිපාදනයෙන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද " කතන්දර නැන්දා " වැඩසටහන පසුගියදා හෝමාගම "බ්ලූමින් බඩ්ස්" පෙර පාසල සහ "UNG" පෙර පාසලෙහි දරුවන් ඉලක්ක කරගනිමින් සාර්ථකව පවත්වන ලදී.
ස්වර්ණහංස ජාතකය ඇසුරින් "රත්තරන් හංසයාගේ කතාව" ළමා මනසට යෝග්‍යවන සේ වඩාත් විචිත්‍රවත්ව මෙහිදී ඉදිරිපත් කරන ලදී. මේ සඳහා සම්පත්දායකත්වය පනාගොඩ" ස්වරංගා " කලාසෙවනෙහි කලායතනාධිපති විශාරද දිස්නා සංජීවනී දේවගේ මහත්මිය විසින් ලබාදෙන ලද අතර , දරුවන් 60කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වය හිමිවිය.
කාර්යාලයීය මුල්ළමාවිය සංවර්ධන නිලධාරී චමරි ලක්මාලි මහත්මිය, සංස්කෘතික නිලධාරී(බ.ප) තිසරු කෝට්ටගේ මෙය, "බ්ලූමින් බඩ්ස්" පෙර පාසලෙහි ප්‍රධාන පෙරපාසල් පාලිකාව සහ ගුරු මණ්ඩලය, "UNG" පෙර පාසලෙහි ප්‍රධාන පෙරපාසල් පාලිකාව , ගුරු මණ්ඩලය සහ දෙමාපියන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
කාර්යාලයීය සංස්කෘතික අංශය සහ ළමා කටයුතු අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














