භික්ෂූන් වහන්සේලා එකසිය විසි පස් නමක් විෂයෙහි (125) මහා සාංඝික දානමය පි0කමක් ගොඩගම පුරාණ විහාරස්ථානයේදී 2025.09.28 වන දින පැවැත්විණි .
පාසල් දරුවන් තුළ දාන පාරමිතාව ප්රගුණ කරමින් යහපත් ගුණධර්ම වර්ධනය කිරීම මෙහි ප්රධානතම අරමුණ විය.
ගොඩගම පුරාණ විහාරාධිපති කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ ගොඩගම උතුර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසින් මෙම කටයුතු සංවිධානය කළ අතර හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක තුමියද මෙම අවස්ථාවට එක් විය.














