සිනමා කෘති තුල ඇති මානුෂික ගුණාංග තුළින් සිසුන් ගේ මනසෙහි සහකම්පනය දියුණු කිරීමේ අරමුණ පෙරදිරිව සංවිධානය වූ සිනමා රසාස්වාද වැඩසටහන 2025-09-16 වන දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාල රංගශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා ,රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සාමාජික ,කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය සිනමා විචාරක,සිනමා ලේඛිකා අනුෂා සිවලිංගම් මෙනවිය, දෙස්,විදෙස් සම්මානනීය සිනමාවේදි අජිත් රත්නායක මහතා,සිනමා විචාරකය,සිනමා ලේඛක ගුණසිරි සිල්වා මහතා , සිනමා පර්යේෂක, විචාරක ප්‍රවීණ සිනමාවේදි චතුර ජයතිලක මහතා ,හෝමාගම නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (උපදේශක, මර්ගෝපදේශන හා සිංහල ගුරු උපදේශක) කල්‍යාණි විදානගමගේ මහත්මිය ,හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ආධි හෙට්ටිගේ මහත්මිය, සිනමා අනුමණ්ඩලයේ ලේකම් සමන්ත කුසුම්සිරි මහතා සහ සිනමා අනුමණ්ඩලයේ සහකාර ලේකම් අමාදා සඳමාලි මහත්මිය මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය හා හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 500 ක පමණ පිරිසක් මේ සඳහා සහභාගීවූ අතර, මේ සඳහා සම්පත්දායකත්වය කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය සිනමා විචාරක,සිනමා ලේඛිකා අනුෂා සිවලිංගම් මෙනවිය, දෙස්,විදෙස් සම්මානනීය සිනමාවේ දී අජිත් රත්නායක මහතා ,සිනමා ලේඛක,විචාරක ගුණසිරි සිල්වා මහතා,සිනමා පර්යේෂක,විචාරක ප්‍රවීන සිනමවේදි චතුර ජයතිලක මහතා යන සිනමා අනුමණ්ඩලයේ සාමාජිකයන් විසින් ලබාදෙන ලදී.
සංස්කෘතික අධ්‍යක්ෂ කේ.එස්.දිල්හානි මහත්මිය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බි.ඒ.ඩි ච්න්තක මහතාගේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මිය විසින් සිදුකරන ලදී.














