ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් මාලාවේ තුල ළමා ලොවයි -වැඩිහිටි වියයි තේමා කර ගනිමින් පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ දි එම විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් 2025/09/29 දින සිදු කරන ලදී .
මෙහිදී වැඩිහිටියා පිලිබඳ ළමා අපේ වගකීම යන තේමාව පිලිබඳ ගොඩගම සුභාරති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති රත්න ශ්‍රි බංඩාර මහතා විසින් ද වැඩිහිටි වියේ සෞඛ්‍ය හා රෝගි වැඩිහිටියන් රැකබලා ගැනීම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය වෛද්‍ය නිලධාරී එච්.එස්.ඵස්මිතා පතිරණ මහත්මිය විසින් ද වැඩිහිටියා හා වැඩිහිටි භාවය පිලිබඳ කතිකාව සංගීත ශිල්පී දමිත් නන්දන ගුණප්රිය මහතා විසින් ද සිදු කරන ලදී .
මෙම වැඩසටහන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීමට අනුව වැඩිහිටි සංවර්ධන නිලධාරී එම්.ඩි.ඩි.නයෝමි විසින් සිදු කරන ලදී














