ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය විසින් "වැඩිහිටි සවියට අත්වැලක්" තේමාව යටතේ 2025.10.04 දින වැඩිහිටි කොඩි දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී.
කොඩි දිනයෙහි සමාරම්භක අවස්ථාව හබරකඩ වත්ත ප්‍රජා ශාලා භූමියෙන් ආරම්භ කෙරුණු අතර පසුව කොඩි අලවි කිරීම ප්‍රදේශය පුරා සිදුවිය.
කොඩි අලවියෙන් ලැබෙන ආදායම හබරකඩ වත්ත උපේක්ෂා ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියෙහි ඉදිරි වැඩ කටයුතු සාර්තක කරගැනීමට යොදා ගැනීමට නියමිත වේ.
මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලද්දේ උපේක්ෂා ජේෂ්ඨ පුරවැසි සමිතියේ නිලධාරි මණ්ඩලයත්,එහි සාමාජිකත්වයත් , වසමට අනියුක්ත රාජ්‍ය නිලධාරීන් හා වසවේ සියලු සමිති නිලධාරී මන්ඩලයත් එහි සාමාජිතයින් හා ග්‍රාමීය ප්‍රජාවයි.














