ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව ගොඩගම උතුර ග්‍රාමනිලධාරී වසමේ ළමා හා වැඩිහිටි සැමරුම් උත්සවයක් 2025.10.12 දින, ගොඩගම පුරාණ විහාරස්ථ භූමියේදී පැවැත්විණි.
ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ, ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ඇතිව, ගොඩගම උතුර ග්‍රාමනිලධාරී වසම් භාර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසින් මෙය සංවිධානය කෙරිණි.














