ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මග පෙන්වීම මත ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව හෝමාගම වැඩිහිටි දින උත්සවය 2025/10/03 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය .
හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අරුණ පනාගොඩ මැතිතුමා ,අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.එන්.කෞශල්‍යා කුමාරි මහත්මිය ,දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ එස්.කේ.බණ්ඩාර මහතා ,පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ එල්.ඒ .සමින්තා ගිමානි මහත්මිය , කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වු මෙම උත්සවය වැඩිහිටි සමිතිවල ජේෂ්ඨ පුරවැසියන්ගේ නැටුම් ,ගැයුම් වලින් විචිත්‍රවත් විය .
මෙම උත්සවයේ දි ගායන ශිල්පී ලක්ෂ්මන් රොද්‍රිගෝ මහතා "වෘද්ධ ප්‍රසාදිනි අභිනන්දන "ස්මරනයෙන් පුද ලැබු අතර වැඩිහිටි තරග ජයග්‍රහණ සදහා නිරන්තර කැපවීමෙන් කටයුතු කළ මෙම කාර්යාලයේ සේවය කල සුජානි මදුෂිකා හෙට්ටිආරච්චි මහත්මිය ඇගයීමට සමරු තිළිණයක් ප්‍රදානය කිරීම හා 2025 පළාත් වැඩිහිටි තරග නියෝජනය කල තරග කරුවන්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වු අතර මෙම වැඩසටහන හෝමාගම වැඩිහිටි බලමණ්ඩලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය එක්ව සංවිධානය කරන ලදී .














