2025 ලෝක ළමා දිනයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ "එකමුතු" පෙර පාසල් ගුරු සංගමය එක්ව සංවිධානය කරන ලද "ලෝක ළමා දින" වැඩසටහන 2025/10/04 දින හෝමාගම "space Park" ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්විණි.

 මෙහිදී දරුවන්ගේ සතුට ,දැනුම සහ විනෝදාස්වාදය උදෙසා නර්තන අංග, ගායන,කතන්දර සීයා ,මැජික් සංදර්ශන, චිත්‍ර තරග වැනි විශේෂාංග රැසක් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාව සඳහා හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක , අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), හෝමාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි නායක ස්වාමීන් වහන්සේ,හේවාගම් කෝරළ ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේ, හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ මැතිතුමා ,කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්. කෞශල්‍යා කුමාරි මැතිණිය,හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී .චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතා,සමෘද්ධි  බැංකු කළමනාකාරිනී  සංජීවනී වේවැල්වල මහත්මිය ,දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී දිලේකා අබේනායක මෙනවිය,හෝමාගම ලංකා බැංකු කළමනාකාරතුමිය , "සේනාධීර බුක් ශොප්" අධිපතිතුමන්, රාජ්‍ය නිලධාරීන් ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වය මේ සඳහා හිමිවිය .

මෙම වැඩසටහන සාර්ථකව පවත්වා ගැන්ම සඳහා  කොට්ඨාශයේ පෙර පාසල්,ග්‍රාම සංවර්ධන සමිති , හේනවත්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය හා සමෘද්ධි අංශය  ඇතුළු විවිධ ආයතන රැසකගේ අනුග්‍රාහක දායකත්වය හිමිවිය .

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලයීය සංවර්ධන නිලධාරීන් ,ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී  කේ. ප්‍රතාපගේ මහතා  ,ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ධම්මිකා ස්වර්ණසීලි මහත්මිය  සහ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී පී.ඒ. චමරි ලක්මාලි මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

202510153childrenday 7

202510153childrenday 3

202510153childrenday 4

202510153childrenday 5

202510153childrenday 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top