හෝමාගම හා කැස්බෑව අධිකරණ මගින් විශෝධනය සඳහා යොමු කරන ලද ආඥාලාභීන්ගේ ආධ්‍යාත්මික සහ කායික, මානසික සුවතාව වෙනුවෙන් වැඩසටහන් පෙළක් මත්තෙගොඩදී.......

මත්තෙගොඩ බටහිර ශ්‍රී සරණ ධම්ම විහාරස්ථානයේ 2025.10.24 දිනට යෙදෙන  වාර්ෂික කඨින පූජෝත්සවය වෙනුවෙන්, 2025.10.22 වන දින ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ ශ්‍රම දායකත්වය යොදා ගනිමින් විහාරස්ථ භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ඒ හා සමගාමීව ආඥාලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් මත්තෙගොඩ  ශ්‍රී සරණ ධම්ම විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය හඟුරන්කෙත විමලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෝධි පූජා පිංකමක් හා ධර්ම දේශනාවක් ද,

මහජන සෞඛ්‍ය පරීක්ෂක  ජී.පී.එච්.පී. මංජුල මහත්මාගේ සම්පත් දායකත්වයෙන් ආඥාලාභීන්ගේ කායික හා මානසික සෞඛ්‍යය නංවාලීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරී සමන් තිබ්බටුවාව සහ මත්තෙගොඩ බටහිර සමෘද්ධි නිලධාරී වයි. කේ.  ඇල්විටිගල යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා හෝමාගම හා කැස්බෑව  යන අධිකරණ මගින් විශෝධනය සඳහා යොමු කරන ලද ආඥාලාභීන්  12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  සම්බන්ධ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධන)  ජී.වී.එන්.පී. ජයරත්න, ජේ.ඒ. වාසනා ජයසිංහ සමඟ මත්තෙගොඩ බටහිර සංවර්ධන නිලධාරී එච්. කේ. දීපා දිමුතු යන මහත්මීන් විසින් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සිදු කරන ලදී...

.2025103104homagamakesbawa

2025103104homagamakesbawathumb

2025103104homagamakesbawa 5

2025103104homagamakesbawa 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top