කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නංවාලීම හා බෝ නොවන රෝගවලින් ආරක්ෂා කිරීමේ අරමුණින්, සිද්ධමුල්ල දකූණ ග්‍රාම නිලධාරි වසමේ ප්‍රජාපති කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන්  ඇතුළු ප්‍රදේශයේ කාන්තාවක් 40ක් පමණ කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් පියයුරු පිළිකා පරීක්ෂා කිරීමේ සායනයක්  හා  දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම 2025.10.23වන දින සංඝාරාම ළමා හා මාතෘ සායනයේ දී සිදු කරන ලදී.

මේ සදහා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක ධර්මරාජ, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය ෂමිල,  මහජන සෞඛ්‍ය නිලධාරිනී D.N.S. ඇතුගල, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි නයනකාන්තී,කුඩමාදූව වසම්භාර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී AJ P වීරසිංහ, සිද්ධමුල්ල දකුණ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී N.K.C මල්කාන්ති සහ K.J.M ලංකා යන මහත්ම මහත්මීන් විසින් සම්පත් දායකත්වය ලබා දුන් අතර,සංවර්ධන නිලධාරී H.R.N.R.සංජීවනී, ප්‍රජාපති කාන්තා කාර්ය සංවිධානයේ නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීනි රුපීකා දයානි මහත්මිය විසින් වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කිරීම සිදු කරන ලදී.

2025103106siddamulla

2025103106siddamulla 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top