පාසල් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ගීතය, කලාව ඒ සඳහා දක්වන දායකත්වය ගුරුකොට ගනිමින් සංවිධානය කරන ලද උක්ත වැඩසටහන පසුගිය දා බප/හෝ/ මාගම්මන මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා සිසුන් 300 දෙනෙකුගේ පමණ සහභාගීත්වය හිමිවූ අතර, ඒ සඳහා සම්පත්දායකත්වය භාෂා උපදේශක ඉන්දික ව්ජේසිංහ මහතා විසින් ලබා දෙන ලදී. අධිකරණ , ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙහි අනුග්‍රහය මත, ප්‍රාදේශීය ලේකම් තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය ජාතික ඒකාබද්ධතා නිලධාරී එල්.පී.එස්.ප්‍රසාදිකා මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














