අනාදිමත් කලක පටන් පැවත එන දේශීය කලාවන් සුරක්ෂණය කරමින්,  ඒවා වත්මන් පරපුර වෙත  ගෙනයමින් එකි කලාවන් ජනගත කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ " නූර්ති නාඩගම් ගී සරණිය "  2025-11-14 වන දින දොළහේන,ගොවිජනපදය  ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

බස්නාහිර පළාත්  සංස්කෘතික හා කලා  කටයුතු අමාත්‍යාංශයෙහි සංකල්ප මූලයෙන් සහ මූල්‍ය ප්‍රතිපාදනයෙන් , ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් සහ දොළහේන ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙහි ආයතන, ප්‍රජා සංවිධාන  අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ග්‍රාමීය ප්‍රජාව 300කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වය හිමිවිය.

 මෙම වැඩසටහන සඳහා රුවින්ද රත්නායක ප්‍රධාන වාද්‍ය වෘන්දය  නූර්ති, නාඩගම් ගීත ගායනයෙන් සහ වාදනයෙන්ද, කොට්ඨාසයෙහි ලියාපදිංචි වාසනා රංගායතනය සහ සහස්‍යා කලායතනයෙහි සිසු සිසුවියන් රංගනයෙන් සම්පත්දායකත්වය සැපයූ අතර,දොළහේන කොට්ඨාසයෙහි ළමා සමාජ දරුවන්ගේ  නර්තනාංගයන්ගෙන් මෙම වැඩසටහන වඩාත් විචිත්‍රවත් විය.

 පොල්ගස්ඕවිට සිංහල සංගීත පර්යේෂණ  කලායතනාධිපති විශාරද විජිත අනුප්‍රිය මහතා විසින් මෙහිදී  නූර්ති නාඩගම් ගී පිළිබඳ   විශේෂ දේශනයක් සිදුකල අතර, කොළඹ සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර සුරංජිත් මහතා  විසින් මෙම වැඩසටහන  මෙහෙයවන ලදී.

මෙම අවස්ථාව  සඳහා අමරපුර මහානිකායේ අනුනායක, මහරගම ප්‍රඥානන්ද පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී  ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වටගෙදර විමලබුද්ධි  ස්වාමීන්වහන්සේ,ගොවි ජනපදය  ශ්‍රී මහා බෝධි විහාරාධිකාරී  උණාවටුනේ ශාසනතිලක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, හෝමාගම  ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්( විමර්ෂණ) දිලන්ති වාසනා සිරිවර්ධන  මහත්මිය, හෝමාගම සහකාර   ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර  මහතා, ගණකාධිකාරී පුබුදු රන්ජන් කුරුප්පුඅච්චි මහතා අතුළු රාජ්‍ය නිලධාරීන් සහ අනුග්‍රාහකභවතුන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

NURTHI

NURTHI 2

NURTHI 3

NURTHI 4

NURTHI 5

NURTHI 6

NURTHI 7

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top