කෘෂි කර්මාන්තය සදහා කාබනික පොහොර භාවිතයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට අනුව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය හා ඒ සදහා යොමු කරවීම, එහිදී පැන නගින ගැටළු පිළිබඳ සාකච්ඡාවක්
හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ,වෙළද කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ හා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමා ගේ පුදානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී 2021.06.15 දින පැවැත්වුනා .
මෙහිදි කොට්ඨාසයේ කෘෂිකර්ම කටයුතු අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබදව හා ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කල අතර කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රමිතිය තහවුරු කරන ආකාරය ඇතුළු කාබනික වගාවේදී ඇතිවන ගැටළු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් පැවැත්වීමටද එහිදී තීරණය කෙරුනා .
එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් / ,දිසාපති ප්‍රදීප් යසරත්න මහතා , හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් වත්සලා රණසිංහආරච්චි මහත්මිය , සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිලංකා සම්පත් මහත්මිය , බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එන් . නිල්වල මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) කේ.ජී.එච් .සේනක පී. සිල්වා මහතා, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත මහතා , හෝමාගම සහ කහතුඩුව ගොවිජන සේවා සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් , කෘෂිකර්ම උපදේශක නිලධාරීන් , කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ඇතුළු ක්ෂෙත්‍ර නිලධාරීන් පිරිසක් සහභාගී වුනා.

















