සාහිත්‍ය කලාව ඇගයීම හා ප්‍රවර්ධනය කිරීම , කලාකරුවන් ඇගයීම ,අංකුර කලාකරුවන් දිරි ගැන්විම සහ සාහිත්‍ය හා කලාවේ ඇති අගය සමාජගත කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ " 2025- හෝමාගම  ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය" 2025-11-06 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අතිසාර්ථකව පැවැත්විණි.

 මෙම අවස්ථාව සඳහා හෝමාගම  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා ,පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මැතිතුමා ඇතුලු දේශපාලන අධිකාරිය  නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන්,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්.දිල්හානි මැතිතුමිය ,කොළඹ දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මැතිතුමිය ,කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි ජි.ජයවීර මහතා ,රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එච්.කේ.දිරුක්ෂි වල්පොල මැතිතුමිය ,පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.ඒ.එන්.පියසුමන මැතිතුමිය ,මහරගම ප්‍රාදේශීය ලේකම් ආර්.හිමාලි කරුණාරත්න මැතිතුමිය ,මොරටුව ප්‍රාදේශීය ලේකම් එස්.පි.කිරිවත්තුඩුව මැතිතුමා ,කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් පී.එස්.පී.පෙරේරා මැතිතුමා ,සීතාවක ප්‍රාදේශීය ලේකම් ඩබ්.මධුෂා ආර්. වීරක්කොඩි මැතිතුමිය,  දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි මහතා, කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම් එ්. අයි. ඕපනායක මෙනවිය,දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා, හෝමාගම කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අනුපමා බණ්ඩාර මැතිතුමිය ,ප්‍රවීන රංගන ශිල්පිනී අනුරුධිකා පාදුක්කගේ මහත්මිය ,රංගන ශිල්පී සේන ගුණවර්ධන මහතා ,රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි මහතා, රංගන ශිල්පීනී දේශානි නෙහාරා මහත්මිය  සහ ,රංගන ශිල්පීනී කාංචනා ඛාන්  මහත්මිය  යන අයගේ සහභාගීත්වය හිමිවිය.කලාකරුවන් ,පාසල් සිසුන් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු 300 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය හා සමගාමීව, සාහිත්‍ය තරග ජයග්‍රහණය කල සිසුන් හා නිර්මාණකරුවන් 56 දෙනෙකු සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය ද, කලාකරුවන් 04 දෙනෙකු වෙනුවෙන් "හෝමාගම විභූති" කලාකරු උපහාර සම්මාන ප්‍රදානය කිරීමද සිදුවිය.

 ප්‍රවීන ලේඛක මහින්ද සෙනරත් ගමගේ මහතා , ප්‍රවීන ගීත රචක සෝමපාල ලීලානන්ද මහතා,නාට්‍ය ශිල්පිනී  එන්.කරුණාවති ජයවර්ධන මහත්මිය , නර්තන ශිල්පී  නන්දන රුවන් කුමාර මහතා  යන කලාකරුවන්  විසින්  සිය කලා ක්ෂේත්‍රයන්ට අදාළව කරනු ලැබූ මෙහෙවර අගයමින් මෙහිදී "හෝමාගම විභූති "සම්මානයෙන් ප්‍රදානය කෙරුණි.

තවද, 2025 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම විද්‍යා ප්‍රබන්ධයට හිමි සම්මානය දිනාගත්  ජයරත්න ඉහළ කොඩිප්පිලි මහතා ඇගයීම වෙනුවෙන්  සමරු තිළිණ ප්‍රදානය ද, අංකුර කලාකරුවන් පෝෂණයට අත්වැල සපයමින් සෞන්දර්ය අංශයෙන්  උසස් පෙළ  හදාරන සිසුන් තිදෙනකු සඳහා රුපියල් 10,000 බැගින් වූ " ප්‍රතිභා" ශිෂ්‍යත්වය  ප්‍රදානය කිරීම ද මෙහිදී සුවිශේෂී විය.

කොළඹ,ජයවර්ධනපුර හා සෞන්දර්ය යන විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්‍ය ,රාජ්‍ය සංගීත සම්මානලාභි ,සංගීතාචාර්‍ය් සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි මහතා ව්සින් මෙහිදී  සාහිත්‍ය දේශනය  පැවැත්වූ අතර,කොට්ඨාසයේ කලායතන සිසුන් ගේ වීචිත්‍රවත් සංස්කෘතිකාංගයන්ගෙන් මෙම උළෙළ වර්ණවත් විය.ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය  මත මෙම වැඩසටහන  සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මිය විසින් සංවිධානය කරන ලදී..

Traditional 9

Traditional 2

Traditional 3

Traditional 4

Traditional 5

Traditional 6

Traditional 7

Traditional 10

Traditional 11

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top