හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් වූ හේන්පිට වසමේ ජනතාව වෙනුවෙන් සහන සැපයීම පිණිස මත්තේගොඩ මධ්‍යම A සහ මත්තේගොඩ මධ්‍යම B වසම් දෙක ඒකාබද්ධව සංවිධානය කරන ලද සහන යාත්‍රා වැඩසටහන 2025/12/03 වන දින ක්‍රියාත්මක කෙරිණි.
ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත ප්‍රදේශයේ මන්ත්‍රීතුමන්ගේ අදහසකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ දී විපතට පත් වූ හේන්පිට ජනතාව වෙනුවෙන් වියළි ආහාර, ජල බෝතල්,සබන් ඩෙටෝල් ආදී පිරිසිදු කාරක ද්‍රව්‍ය, ඇඳුම්, කොට්ට,ඇඳ ඇතිරිලි,කුඩා ළමුන් සඳහා සෙරෙප්පු,ළදරු උපකරණ හා අනෙකුත් ද්‍රව්‍ය, ඖෂධ වර්ග, ගර්භනී මාතාවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආදී ද්‍රව්‍ය හා උපකරණ විශාල ප්‍රමාණයක් පවුල් 219ක් සඳහා පරිත්‍යාග කිරීම සිදු විය.
මෙම සත්කාරය සඳහා වසම් දෙකට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් සමග ප්‍රජාව බොහෝ පිරිසක් සහභාගි වූහ.














