හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා ඉදිවෙමින් පවතින නව සිව් මහල් ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය , එහි ප්‍රගතිය මැන බැලීම හා ඉදිරි කටයුතු පීලිබද සාකච්ඡාවක් 2021.06.30 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවත්වුනා.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි කේ.එස්.පී.පෙරේරා මහතා, දිස්ත්‍රික් ඉංජිනේරු ලලිතා ගමගේ මහත්මිය ,දිස්ත්‍රික් තාක්ෂණ නිලධාරී සත්‍යා අබේකෝන් මහත්මිය , ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති ඉංජිනේරු ඒ. දිල්ෂාන් මහතා, තාක්ෂණ නිලධාරී ඩබ්.ඩබ්.එල්.එස් .වනගසිංහම් මහතා , නව ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු කරනු ලබන ආසිරි කන්ට්‍රක්ෂන් ආයතනයේ නිලධාරින් සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය තාක්ෂණ නිලධාරී ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්වුනා.

















