හින්දු ප්‍රජාවගේ සංස්කෘතික  අනන්‍යතා  පිළිබිඹු කරනු  ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ  තෛපොංගල් සැමරුම් උත්සවය 2026 -02-20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පවත්වන්නට යෙදුණි.

ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේ අරමුණින් සංවිධානය වූ මෙම උත්සවය සඳහා  හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්,  සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්, දෙමළ විෂයභාර සහකාර අධ්‍යක්ෂ (පිරිවෙන්) ලලිත් ධම්මික කුමාර මහතා,  ගුරු උපදේශක ඉන්දික විජේසිංහ මහතා, කාර්යාලයීය පරිපාලන නිලධාරීතුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමිය අැතුළු ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ඉලක්කගත ප්‍රතිලාභී කණ්ඩායම වශයෙන් පාසල් දරුවන්, දෙමාපියන් සහ රාජ්‍ය නිලධාරීන් 250කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වය හිමිවූ අතර,  හින්දු චාරිත්‍රානුකූල පිළිවෙත් සහ විචිත්‍ර නර්තනාංගයන්ගෙන් මෙම උළෙල වඩාත් අලංකෘත විය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන්  කාර්යාලයීය ජාතික  ඒකාබද්ධතා සම්බන්ධීකාරක එල්.පී.එස්.ප්‍රසාදිකා මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය විය.

20260130thaipongal

20260130thaipongal 2

20260130thaipongal 3

20260130thaipongal 4

20260130thaipongal 5

20260130thaipongal 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top