RPL ක්‍රමවේදයට අනුව NVQ සහතිකයක් ලබාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන 2026-03-19වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙහිදී, රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික පුහුණුව (පේෂල්) ප්‍රතිලාභීන් 54 දෙනෙකු වෙත ලබාදෙන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නියෝජනය කරමින් බිමායා මධුෂානි මිය සහ පරීක්ෂක Hair, Beauty Bridal Instructor TVEC Assessor, නෙතලි අනෝමා කොළඹගේ මිය විසින් ලබාදෙන ලදී.
මේ අවස්ථාව සඳහා පරිපාලන ග්‍රාම නිලධාරී වින්ධ්‍යා ලක්ෂිතා මිය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ආනන්ද විජේකෝන් මයා,මානව සම්පත් සංවර්ධන නිලධාරී, නයනා කුමුදුනී මිය අැතුළු රාජ්‍ය නිලධාරීන් සහ පිරිස සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීයමානව සම්පත් සංවර්ධන නිලධාරී සහ නිපුණතා සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලදී.














