හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද "නිවේදන සහ කටහඬ පුහුණු වැඩසටහන" කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණයෙන් , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්ප මූලයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ප්‍රවීන රූපවාහිනී, ගුවන්විදුලි නිවේදිකා, හඬ රංගවේදිනී, ගායන ශිල්පිනී උදානි රත්නායක මහත්මිය විසින් ලබාදෙන ලදී.
විධිමත්ව සහ ආකර්ෂණීයව වැඩසටහනක් මෙහෙයවීම සඳහා මූලික දැනුම සහ මග පෙන්වීම ද සන්නිවේදනයෙහි වැදගත්කම, කටහඬ සංවර්ධනය කිරීමේ අභ්‍යාස ආදි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙම වැඩසටහනෙහි අන්තර්ගත විය.
මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහ කාර්යාලයෙහි විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් 30ක් පමණ සහභාගී විය.
කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














