හෝමාගම හේවාගම්කෝරලය ශාසනාරක්ෂක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද මාඹුල්ගොඩ හා මීගොඩ 1 කලාපයේ දහම් පාසල් ශිෂ්‍ය නායකත්ව කදවුර 2026.05.02 වන දින නියදගල පුෂ්පාරාම විහාරස්ථානයේ දී හා මීගොඩ භික්ෂු භාවනා මධ්‍යස්ථානයේ දී ප්‍රාදේශිය ලේකම් බී. ඒ. ඩී චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශිය ලේකම් චමල් ඩී.තේනුවර මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් හා සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදි.
මාඹුල්ගොඩ කලාපයේ නායකත්ව කඳවුර සඳහා සම්පත් දායකත්වය හේවාගම්කෝරලය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පූජ්‍ය කොටිගල නන්දරතන හිමි,සහකාර ප්‍රාදේශිය ලේකම් චමල් ඩී. තේනුවර මහතා, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කේ. ප්‍රතාපගේ මහතා , ක්‍රීඩා නිලධාරි ප්රබුද්ධ චින්තක මහතා විසින් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි, ළමාරක්ෂක නිලධාරි, ග්‍රාම නිලධාරි,ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි හා දහම් පාසල් ගුරුභවතුන් සහභාගි විය.මීගොඩ 1 කලාපයේ නායකත්ව කඳවුර සඳහා සම්පත් දායකත්වය ගරු ලේඛකාධිකාරි පූජ්‍ය කොටිගල නන්දරතන හිමි,සහකාර ප්‍රාදේශිය ලේකම් චමල් ඩී.තේනුවර මහතා, තරුණසේවා නිලධාරි සංජීව ප්‍රදීප් මහතා, උපදේශන නිලධාරි සමන්ත අරඹේපොල මහතා , ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ධම්මිකා ස්වර්ණසීලි මිය විසින් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි, ගොඩගම උතුර ප්‍රජාසවිබල ගැන්විමේ නිලධාරි ,ග්‍රාම සංවර්ධන නිලධාරි හා දහම් පාසල් ගුරුභවතුන් සහභාගි විය. වැඩසටහන සංවිධාන සහය හේවාගම්කෝරලය ශාසනාරක්ෂක තරුණ සභාව මගින් සිදු කරන ලදි.














