සමෘද්ධි ලාභී පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන හරහා සෑම ග්‍රාම නිලධාරී වසමකම කාබනික පොහොර ඒකකයක් ආරම්භ කිරීම වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන හෝමාගම සමෘද්ධි කලාපයේ හෝමාගම දකුණ ග්‍රාම නිලධාරී වසමේදී අද දින පස්වරුවේදී ( 2021.07.16 ) සිදුකරනු ලැබුවා .
ඒ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් .
කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන සිදුකරන ලද්දේ හෝමාගම කෘෂි උපදේශක එච්.ඒ.අයි.ගුණසේන මහතා විසින් .කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන සිදුකරන ලද්දේ හෝමාගම කෘෂි උපදේශක එච්.ඒ.අයි.ගුණසේන මහතා විසින් .
හෝමාගම සමෘද්ධි කලමණාකරු සිතාරා චන්ද්‍රසේකර මහත්මිය , සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කලමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය , ව්‍යාපෘති කලමණාකරු පියනන්ද සමන් කුමාර මහතා , නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේ කෘෂි උපදේශක නිලධාරිනී තනුජා ජීවන්දර මහත්මිය , ව්‍යාපෘති සහතාර රේණුකා ජයසූරිය මහත්මිය , සමාජ සංවර්ධන සහකාර නිලධාරිනයන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය ,හෝමාගම සමෘද්ධි කලාපයේ සමෘද්ධි නිලධාරින් , හෝමාගම දකුණ සංවර්ධන නිලධාරිනී, හා හෝමාගම සමෘද්ධි කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම් හි සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකයින් මෙම අවස්ථාවට එක්වුනා .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් පරිදි සමෘද්ධි කලමණාකරු සිතාරා චන්ද්‍රසේකර මහත්මියගේ ගේ අධීක්ෂණයෙන් හෝමාගම දකුණ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී චාන්දනී මානෙල් ගුණතිලක මහත්මිය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබුවා .





















