ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත්වන පවුලක් නිර්මාණය කිරීම සදහා සෑම පවුලකටම සුවපහසු නිවසක් අත්කර දීම තුලින් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සදහා වූ රජයේ වැඩපිළිවෙළ අනුව ස්ථිර නිවහනක් නොමැති පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක වන " ඔබට ගෙයක් රටට හෙටක් " නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ අංක 240, සරණතිස්ස මාවත, කහතුඩුව , පදිංචි සමෘද්ධි ලාභී ජී.ඒ.ගුණවතී මහත්මියගේ පවුලට ඉදිකල නිවහන භාරදීම වෙළද කැබිනට් අමාත්‍ය, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2021 ජූලි මස 17 දින සිදුකෙරුනා .
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ හයක ( 600,000/= ) මුල්‍ය ආධාරයෙන් හා පරිත්‍යාගශීලීන්ගේ උපකාර ඇතිව නිවසේ ඉදිකිරීම් කටයුතු හෝමාගම නිවාස නිලධාරී ප්‍රබෝධ නුවන් කුමාර මහතාගේ හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.සමන්ත කුමාර මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුවූ අතර කහතුඩුව දකුණ ග්‍රාම නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරී හා සංවර්ධන නිිලධාරී විසින් නිවසේ ඉදිකිරීම් කටයුතු වල අධීක්ෂණය සිදුකරනු ලැබුවා .
කහතුඩුව දකුණ කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.සමන්ත කුමාර මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් වන රංජිත් හේවාවසම් මහතා , කැළුම් ප්‍රියංකර මහතා, වෙළඳ අමාත්‍ය තුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් සිරිපාල දේවමුල්ල මහතා , හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා , නිවාස නිලධාරී ප්‍රබෝධ නුවන් කුමාර මහතා, පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමනාකරු සංජීවනී වේවැල්වල මහත්මිය , කහතුඩුව පොලිස් ස්ථානාධිපති තුමන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා, කහතුඩුව දකුණ ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරිනී , සංවර්ධන නිලධාරිනී හා පරිත්‍යාගශීලීන් මෙම අවස්ථාවට එක්වුනා .




















