හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදනවත්ත ග්‍රාම නිලධාරී වසමේ ජනතාවට ග්‍රාමීය ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරින් ගෙන් ඉටු කර ගතයුතු සේවා අවශ්‍යතා එකම සේවා ස්ථානයකදී ඉටු කර ගැනීම සදහා ඉදිකල නව " සේවා පියස" විවෘත කිරීම කැබිනට් වෙළඳ අමාත්‍ය ,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2021.07.17 දින කදනවත්ත ග්‍රාමයේදී සිදුකෙරුනා .
පළාත් නැගුම වැඩසටහන යටතේ වෙන්වූ මුල්‍ය ප්‍රතිපාදන හරහා ඉදිකිරීම් කටයුතු සිදුවූ සේවා පියසට හෝමාගම ප්‍රාදේශීය සභාවේද සහයෝගය ලබා ගනිමින් ජල හා විදුලි පහසුකම් සහිතව විවෘත කිරීම දක්වා සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද්දේ කදනවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසය භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි ද සොයිසා මහතා විසින් .
හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන විකුම් කිත්සිරි ද සොයිසා මහතා , කැළුම් ප්‍රියංකර මහතා , රංජිත් හේවාවසම් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , වෙළඳ අමාත්‍ය තුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් සිරිපාල දේවමුල්ල මහතා , හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල මහතා , හෝමාගම ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී තුමන්, කදනවත්ත ග්‍රාමයේ ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම වන ග්‍රාම නිලධාරිනී තුමිය , සමෘද්ධි සංවර්ධන නිලධාරිනී තුමිය , සංවර්ධන නිලධාරී තුමන් ,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තුමිය හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිනී තුමිය ඇතුළු ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්වුනා .

























