රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන වැඩසටහන් සියල්ල හදුනාගැනීමේ කාර්යභාරය මහජන නියෝජිතයින්ගේ , රාජ්‍ය නිලධාරීන්ගේ හා ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සිදුකර , සැලසුම් සහිතව ක්‍රියාත්මක කර එහි ප්‍රතිලාභ කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සදහා වූ ග්‍රාමීය මට්ටමේ සංවර්ධන යෝජනා ලබාගැනීම " ගම සමග පිළිසදරක්" තුලින් සිදුකරනු ලබනවා.
එහි ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති යෝජනා පිළිබඳ දැනුවත් කිරීමේ ජීවනෝපාය සම්බන්ධීකරණ අනු කමිටු රැස්වීමක් හෝමාගම ප්‍රාදේශීය සභා ගරු සභාපති සම්පත් ජයසිංහ, ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේ ගරු උප සභාපති හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත, හෝමාගම ප්‍රාදේශීය සභා උප සභාපති බන්දුල රංජන් ඉලේපෙරුම, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී .ඒ.ඩී.චින්තක මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී 2021.09.17 දින පැවැත්වුනා.
එහිදී , අයවැය 2022 ග්‍රාම නිලධාරී වසම් වලට වෙන් කරන ප්‍රතිපාදන සදහා ප්‍රමුඛතාගත කරන ලද සංවර්ධන යෝජනා " ගම සමග පිළිසදරක්" තුලින් ලබාගත හැකි සංවර්ධන ව්‍යාපෘති යෝජනා පිළිබඳ සාකච්ඡා කෙරුනා.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත,සැලසුම් අධ්‍යක්ෂ නිලංකා සම්පත් මහත්මියගේ අධීක්ෂණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සැලසුම් අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.



















