කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇදිරි නීති කාලය තුල නිවෙස් වලට වී සිටින ජනතාවගේ, කොවිඩ් ආසාදිතව රජයේ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ හා රෝහල් වල සෞඛ්‍ය කාර්යය මණ්ඩල වල මානසික සුව සහනය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව මගීන් පවත්වනු ලබන " Be Happy With Youth " සංගීත ප්‍රසංග මාලාවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංගීත ප්‍රසංග තුනක් 2021.09.19 හා 23 යන දිනයන්හීදී පවත්වනු ලැබුවා .
ඒ ජල්තර රජයේ නිවාස සංකීර්ණය, හෝමාගම මූලික රෝහල හා ඒ ජල්තර රජයේ නිවාස සංකීර්ණය, හෝමාගම මූලික රෝහල හා මත්තේගොඩ නිවාස සංකීර්ණ පරිශ්‍රයන්හීදී.
මෙම සංගීත ප්‍රසංග මාලාව සදහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා , ප්‍රාදේශීය මහජන නියොජිතයින් , ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස් .කැකුලාවල මහතා , සහකාර අධ්‍යක්ෂ සුමිත් ගල්ලොලුව මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ( පාලන ) ධම්මික සම්පායෝ මහතා, යෞවන සමාජ දිස්ත්‍රික් ලේකම් ගාමිණී බාලසූරිය මහතා , හෝමාගම තරුණ සේවා නිලධාරිනී දර්ශිකා වාකිෂ්ඨ මෙනවිය ,ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අගමැති පැතුම් රණසිංහ මහතා , හෝමාගම ප්‍රාදේශීය යෞවන සමාජ බල මණ්ඩලයේ ගරු සභාපති රවිදු එදිරිසිංහ මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය බල මණ්ඩලයේ නිලධාරීන් එක්වුනා .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ " Be Happy With Youth " සංගීත ප්‍රසංග මාලාව සම්බන්ධීකරනය කරන ලද්දේ තරුණ සේවා නිලධාරිනී දර්ශිකා වාකිෂ්ඨ මෙනවිය ප්‍රමුඛ යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලයේ නිලධාරීන් විසින් .



















