සමෘද්ධි , ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මුල්‍ය, ස්වයං රැකියා හා  ව්‍යාපාර සංවර්ධන  රාජ්‍ය  අමාත්‍යාංශය  , සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාවට නැන්වෙන  " සමෘද්ධිලාභී  පවුල් සදහා ක්‍රියාත්මක ජාතික ගෙවතු වගා වැඩසටහන  2021/2022 මහ කන්නය" 

වැඩසටහනට සමගාමිව  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයේ  කහතුඩුව  බටහිර  ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා පළතුරු පැල ලබාදීම  කහතුඩුව   ශ්‍රී සුමන පුෂ්පිකාරාම විහාරාධිපති  ඌනපානේ  සෝරත හිමියන්ගේ හා කහතුඩුව කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී ඩබ්.එම් .එස් .ඩී.ඩී.මැණිකේ විජේමාන්න  මහත්මිය,   හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක  මහතාගේ  ප්‍රදානත්වයෙන්  පසුගියදා  සිදුකෙරුනා .

පළතුරු  පැළ  සිටුවීම, එහි ගුණාත්මක  වටිනාකම   පිළිබදව  දැනුවත් කිරීම කහතුඩුව කෘෂි උපදේශක ඉන්දික ගුණසේන මහතා විසින් සිදුකරනු ලැබුවා .

සංකේතවත් ලෙස පළතුරු පැල රෝපනයක්ද ප්‍රාදේශීය ලේකම් තුමන් විසින් සිදුකලා.

මූලස්ථාන සමෘද්ධි කළමණාකරු  ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය , හෝමාගම ව්‍යාපෘති කලමණාකරු පියනන්ද සමන් කුමාර මහතා , පොල්ගස්ඕවිට සමෘද්ධි කලමණාකරු සංජිවනී වේවැල්වල මහත්මිය , කහතුඩුව ග්‍රාම  නිලධාරිනී  ලලනි නිරංජලා මහත්මිය, සංවර්ධන නිලධාරී රවීන්ද්‍ර අමරතුංග  මහතා , කලාප සහකාර  සනෝජා ගුණසේකර  මහත්මිය, කහතුඩුව බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ඉරේෂා කොතලාවල මහත්මිය   ප්‍රමුඛ  පොල්ගස්ඕවිට  සමෘද්ධි කලාපයේ ක්ෂේත්‍ර  සමෘද්ධි සංවර්ධන නිලධාරීන්   සමෘද්ධි  ප්‍රතිලාභීන්  මෙම අවස්ථාවට  එක්වුනා .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මග පෙන්වීම මත හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ  ව්‍යාපෘති අංශයේ සම්බන්ධීකරනයෙන්   සමෘද්ධි  කලාප  කළමණාකරු සංජීවනී වේවැල්වල මහත්මියගේ පහෙහි   අධීක්ෂණයෙන්  පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයට අයත්  ග්‍රාම නිලධාරී වසම් පහලොවෙහි ( 15 ) මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

1Sam

2Sam

4Sam

5Sam

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top