හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාහිත්‍ය කලා මහෝත්සවය කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල උප සභාපති පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි හිමි , ගරු වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා , හෝමාගම ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති සම්පත් ජයසිංහ මහතා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී 2021.11.30 දින පවත්වන ලදි.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ්. ඩී. චින්තක මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව හෝමාගම කොට්ඨාශයට අදාල සාහිත්‍ය කලා මහෝත්සවය පැවැත්වුණි.
ප්‍රාදේශීය සාහිත්‍ය තරඟවලින් ජයග්‍රහණය කළ ජයග්‍රහයකයින් ඇගයීම වෙනුවෙන් සම්මාන හා සහතික පත්‍ර ප්‍රධානය කිරීමක් මෙහිදී සිදුවූ අතර, තවද පෘතුගාලයේදී පැවැති “ගොල්ඩන් ලෙමර්” ජාත්‍යන්තර සිනමා උළෙලදී Mutton කෙටි චිත්‍රපටයහි රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නදීශානී පේළි ආරච්චි රංගන ශිල්පිනියට මෙහිදී විශේෂ සම්මාන ප්‍රදානයක් ද සිදු කරන ලදී.
විවිධ සංස්කෘතිකාංග වලින් කලා උළෙල විචිත්‍රවත් වූ අතර, මෙදින විශේෂ දේශනයක් “ජීවිතය හා කලාව” යන තේමාව යටතේ වෛද්‍ය අසේල අබේසුන්දර මහතා විසින් පවත්වන ලදී.
මෙම සාහිත්‍ය කලා මහෝත්සවය සඳහා ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් සහභාගී වූ මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධියන් සහ , ප්‍රාදේශිය ලේකම් බි.ඒ්. ඩී. චින්තක මහතා , සහකාර ප්‍රාදේශිය ලේකම් බී.ඒස් .කැකුළාවල මහතා ,ගණකාධිකාරි පි.ආර්.කුරුප්පුආරචිචි සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ජි.ජි. නිලංකා ඒස් සම්පත් මහත්මිය ඇතුළු ,රාජ්‍ය නිලධාරීන් සාහිත්‍ය තරඟ ජයග්‍රහණය කල සිසුන්, කලාකරුවන්, කලායතන සාමාජිකයින්, ප්‍රදේශවාසීන්, ඇතුළු පිරිසක් සහභාගි විය.
ප්‍රාදේශිය ලේකම් බි.ඒ්. ඩී. චින්තක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සාහිත්‍ය කලා මහෝත්සවය සංස්තෘතික අංශය මගින් සංවිධානය කරන ලදි.




















