" හරිත දැයක් " ජාතික ගෙවතු වගා සංග්‍රාමය  - 2022 වැඩසටහනේ ජාතික සමාරම්භක  උළෙල වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු  හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය  ගරු  චමල් රාජපක්ෂ  , හෝමාගම සම්බන්ධීකරන කමිටු  ගරු සභාපති කැබිනට් වෙළද අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන  හා කෘෂිකර්ම  කැබිනට් අමාත්‍ය  ගරු  මහින්දා නන්ද අළුත්  ගමගේ යන    අමාත්‍යවරුන්ගේ  ප්‍රදානත්වයෙන්   හා  කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරන  කමිටු සම සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී  මේජර්  ප්‍රදීප් උදුගොඩ මහතා, හෝමාගම ප්‍රාදේශීය සභා ගරු සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් , කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්  ඩී.එම් .එල්. බණ්ඩාරනායක මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් .චිත්‍රානන්ද මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා , දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ   සහභාගිත්වයෙන්  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කහතුඩුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජගත් කුමාර අබේසිංහ මහතාගේ   ගෙවත්තේදී  මාර්තු  29 දින පෙ.ව.9.18 ට යෙදුන  සුභ මොහොතින්  සිදුකෙරින. 

 ගෙවතු  හිමියන්  සදහා  එළවළු පැල හා එළවළු බීජ පැකට් ලබාදීම  මෙහිදී සිදුකෙරින. හරිත දැයක් "  ගෙවතු  වගා වැඩසටහන  යටතේ දීප ව්‍යාප්තව ගෙවතු  ලක්ෂ  22 ක්  ආරම්භ කර සංවර්ධන  කිරීම මෙමගීන්  අපේක්ෂා  කෙරේ.

මෙම උත්සව අවස්ථාවට   මහා සංඝරත්නය ,  දිස්ත්‍රික් සමෘද්ධි  අධ්‍යක්ෂ  අශෝක කුමාර මහතා, දිස්ත්‍රික් කෘෂිකර්ම  අධ්‍යක්ෂ  එස්.එම්. නාගහවත්ත මහතා, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන  අධ්‍යක්ෂ  සේනක ද සිල්වා  මහතා ප්‍රමුඛ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් ,  ප්‍රාදේශීය ලේකම් බී .ඒ. ඩී. චින්තක , සහකාර  ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල  මහතුන්  ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් , සමෘද්ධි  අංශයේ සමෘද්ධි  කළමණාකරුවන් වන ටී.ජී.ශ්‍රියානි , ප්‍රියන්ති ගුණවර්ධන , පී.සංජීවනී වේවැල්වල පියනන්ද සමන් කුමාර ,තිලකරත්න බංඩා  යන මහත්ම මහත්මීන්  ප්‍රමුඛ  පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු  කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ,  ග්‍රාම නිලධාරීන් , කහතුඩුව කෘෂිකර්ම උපදේශක ඉන්දික ගුණසේන මහතා ප්‍රමුඛ  කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරීන් , සංවර්ධන නිලධාරීන්  ඇතුළු  ප්‍රතිලාභීන්  එක්වූහ .

 

4Haritha

2Haritha

3Haritha

5Haritha

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top