කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න මහතාගේ  සංකල්පයකට  අනුව   කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස තුල ක්‍රියාත්මක කරනු ලබන  " නැණ මිණි "  කැපකරු ශිෂ්‍යත්ව  වැඩසටහනේ  හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  " නැණ මිණි "  ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන මැයි 24  දිනදී  සිදුකෙරුනේ  දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රදානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී.

 

ආර්ථික අපහසුතා ඇති පවුල් වල දරු දැරියන් හැට හත් දෙනෙකු  ( 67 )  වෙනුවෙන්  මෙදින ශිෂ්‍යත්ව ප්‍රදානය  සිදුකෙරුන අතර මීට සමගාමීව  ආර්ථික අපහසුතා ඇති පවුල්  පහක්  ( 5  ) වෙනුවෙන්   වියලි ආහාර  ද්‍රව්‍ය මළු ලබාදීමද , ශිෂ්‍යත්ව පිරිනැමූ කැපකරු මහත්ම මහත්මීන් වෙත සහතික පත් ප්‍රදානයද,  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයීය  ළමා ඒකකය මගීන් පවත්වා ගෙන යනු ලබන ආර්ථික අපහසුතා ඇති පවුල් වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ  අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම  සදහා  ආරම්භ කර ඇති " පොත් සංචිතය "  වෙත කොට්ඨාසයේ පෙර පාසැල් පාලිකාවන් විසින්  පාසැල්  උපකරණ  දිස්ත්‍රික් ලේකම්  වරයා වෙත පරිත්‍යාග කිරීමද "පොත් සංචිතය" මගීන්  පාසැල් ශිෂයෙකු  වෙත පාසැල් උපකරණ ලබාදීමද  මෙදින  සිදුකෙරුනේ  දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රදානත්වයෙන්  හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන්ගේ හා කොළඹ දිස්ත්‍රික්කයට අයත්  ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ සහභාගිත්වයෙන්.

මෙම අවස්ථාවට  ශිෂ්‍යත්ව ලාභී දරු දැරියන්  ඔවුන්ගේ  භාරකරුවන් , ශිෂ්‍යත්ව පිරිනැමූ කැපකරු මහත්ම මහත්මීන් ,කාර්යාලයීය නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.

හෝමාගම  ප්‍රාදේශීය  ලේකම්  බී.ඒ.ඩී. චින්තක  මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ  උපදෙස් හා මගපෙන්වීම මත කාර්යාලයීය සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ දැඩි කැපවීම හා උත්සාහය මත මෙම " නැණ මිණි " ශිෂ්‍යත්ව වැඩසටහන සංවිධානය කරනු  ලැබීය.

1.NanaMina

2.NanaMina

3.NanaMina

4.NanaMina

5.NanaMina

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top