වර්තමානයේ  ශ්‍රී ලංකාව තුළ මතුවී ඇති ආර්ථික  අර්බුදය හමුවේ ආහාර  අර්බුදය ජයගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න මහතාගේ  සංකල්පයකට අනුව ක්‍රියාත්මක  " අහරින්  සපිරි කොළොම්තොටක්  " වැඩසටහන  යටතේ  හෝමාගම කොට්ඨාශයේ වැඩසටහන  පිළිබදව දැනුවත් කිරීම හා ප්‍රගති සමාලෝචන රැස්වීම  දිස්ත්‍රික්  ලේකම් තුමාගේ ප්‍රදානත්වයෙන් ජුනි 21 දිනදී  පැවැත්වුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී .

 

 මෙහිදී වැඩසටහන පිළිබඳ දිස්ත්‍රික් ලේකම්තුමා අදහස් දක්වන ලද අතර කොට්ඨාශයේ වගා සැලැස්ම සමග ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශීය ලේකම් විසින් කරුණු පැහැදිලි කිරීමෙන්  අනතුරුව වගාවන් පිළිබඳ තාක්ෂණික කරුණු පිළිබඳ නිලධාරීන් දැනුවත් කරන ලද්දේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක එස්.එම්.නාගහවත්ත මැතිතුමා විසිනි.

දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂක කේ.ජී.එච්.සේනක පී.සිල්වා මහතා, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා ,  සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල  මහතා, සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) නිලංකා සම්පත් මහත්මිය  ඇතුළු හෝමාගමකොට්ඨාසයේ  අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි  නිලධාරීන් ද කාර්යාලයීය නිලධාරීන්  මෙම වැඩසටහන සදහා සහභාගී  වූහ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සැලසුම් අංශය  විසින්  මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය

Image00001Aharin

Image00002Aharin

Image00003Aharin

Image00004Aharin

Image00005Aharin

Image00006Aharin

Image00007Aharin

Image00008Aharin

Image00009Aharin

Image00010Aharin

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top