හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලයේ 10,11,12 හා 13 ශ්‍රේණිවල සිසු දරුවන් සදහා කුසලතා පාදක කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් 24 දිනදී සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු සහකාර සුපුන් උදාන මහතාගේ සම්පත් දායකත්වයෙන්.
විද්‍යාලයීය විදුහල්පතුමා ප්රමුඛ ආචාර්යය මණ්ඩලයේ ගුරු භවතුන් ද මෙම වැඩසටහනට සම්බන්ධ විය.
පුනුරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ කොළඹ දිස්ත්‍රික් පුනරුත්ථාපන වූවන්ගේ ආර්ථික සමාජීය හා සුබ සාධන කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහයක රශිප්‍රභා වෙල්ගෙදර මහත්මිය විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබීය.



















