හෝමාගම ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටු රැස්වීම ප්‍රාදේශීය ලේකම් බී .ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් ඉකුත්දා පැවැත්වුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී .
මෙහිදී , කොට්ඨාසයේ ළමුන් මුහුණපාන ගැටළු පිළිබදව සාකච්ඡාවට බදුන් වූ අතර අගතියට පත්වූ දරුවන්ට හා කාන්තාවන්ට මෙන්ම ප්‍රජාව වෙත නීති ආධාර කොමිසම මගීන් ලබාදිය හැකි නීති සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකරන ලද්දේ නීති ආධාර කොමිසමේ නීති නිලධාරිනී පුන්‍යා කුඩකොලව මෙනවිය විසින් .
සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස් .කැකුලාවල මහතා, පරිවාස නිලධාරී , පරිපාලන ග්‍රාම නිලධාරී රුවන් තිලක මහතා ප්‍රමුඛ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් , හෝමාගම කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන වල ළමා හා කාන්තා ඒකකයේ පොලිස් නිලධාරීන් , සෞඛ්‍ය අංශයේ නිලධාරීන් හා ක්ෂෙත්‍ර නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියන් වන තේජන්ති වීරසේන මහත්මිය හා ධම්මිකා ස්වර්ණසීලි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .

















