වර්තමානයේ  ශ්‍රී ලංකාව තුළ මතුවී ඇති ආර්ථික  අර්බුදය හමුවේ ආහාර  අර්බුදය ජයගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න මහතාගේ  සංකල්පයකට අනුව ක්‍රියාත්මක  " අහරින්  සපිරි කොළොම්තොටක්  " වැඩසටහන  යටතේ  හෝමාගම කොට්ඨාශයේ කරන ලද වගාවන්   පිළිබදව  දිස්ත්‍රික් ලේකම් තුමාගේ  ක්ෂේත්‍ර නිරීක්ෂනයට ලක්වූයේ ජූලි  19 වෙනිදා .

 

දිස්ත්‍රික් ලේකම් වරයාගේ නිරීක්ෂනයට ලක්වූ හෝමාගම කොට්ඨාසයේ වගා ස්ථාන  වූයේ

*  හබරකඩ දකුණ  ශෛලාන්තායතන පුරාණ විහාරය

* පනාගොඩ බටහිර  වසමේ වසර 17 ක් පුරන්ව තිබූ  නැවත වී වගාව ඇතුළු  අනෙකුත් වගාවන්ගෙන් අස්වැද්දූ  කැකිරිදෙනිය වෙල්යාය

* මීගොඩ දකුණ  රෙන්බෝ පෙර පාසැල

* පිටිපන නගරය කොරටුව පැල තවාන

* කටුවාන වසමේ හිස් ඉඩමක ආරම්භ කල වගාව

* දීපංගොඩ කණිෂ්ඨ විද්‍යාලය

* බ්‍රාහ්මණගම සදීනා වැඩිහිටි නිවාසය

* මත්තේගොඩ නැගෙනහිර සල්සෙවන ළමා නිවාසය

දිස්ත්‍රික් ලේකම් වරයාගේ ක්ෂේත්‍ර නිරීක්ෂණය සිහි ගැන්වීම පිණිස  අදාළ ස්ථානයන්හි   එළවළු හා පලතුරු පැල රෝපනයන්ද සිදුකෙරින.

                                                                                                                                                                          

 දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂක කේ.ජී.එච්.සේනක පී.සිල්වා මහතා, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා ,  සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල  මහතා, සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) නිලංකා සම්පත් මහත්මිය ,ගණකාධිකාරි පුබුදු කුරුප්පු අච්චිගේ මහතා , කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරීන්, අදාළ  වසම්හි ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම   මෙම අවස්ථාවට  සහභාගී  වූහ.

 Image00001AharinSapiriKolomthotak

Image00002AharinSapiriKolomthotak

Image00003AharinSapiriKolomthotak

Image00004AharinSapiriKolomthotak

Image00005AharinSapiriKolomthotak

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top