කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර නිලදරුවන් අතර පැවැත්වූ "Voice of Colombo" රියැලිටි ගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් සුජානි මධුෂිකා හෙට්ටිආරච්චි මහත්මිය සදහා රචනය වූ " නෑවිදින් සද" ගීතයත් දෙවන ස්ථානය දිනාගත් සමන්ත ශ්‍රී උදුගොඩගේ මහතා වෙත රචනයවූ " පහන් කනුව යට අදුරුයි" ගීතයත් ඇතුලත් ගීත තැටි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වෙත හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා වෙත පිළිගැන්වීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ජූලි 28 දිනදී සිදුකෙරුනේ එම ගීත පදරචනය කල ලේඛිකාවක වන හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරිනී තක්ෂිලා නිමාලි වික්‍රමආරච්චි මහත්මිය විසින් .
සුජානි මධුෂිකා හෙට්ටිආරච්චි මහත්මිය විසින් ගායනා කරන ගීතය සදහා තනු නිර්මාණය ආචාර්යය හේමලාල් ගීතදේව මහතාද සමන්ත ශ්‍රී උදුගොඩගේ මහතා විසින් ගායනා කරන ගීතය සදහා තනු නිර්මාණය ඔහු විසින්ම සිදුකර තිබුණි.
මෙම ගීත සදහා පසුබිම් දර්ශන ඉදිරිපත් කිරීම කලාකරුවන් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරීන් දෙපලක් වන නදීෂානි පද්මසිරි මහත්මිය හා නවෝද් සිරිවර්ධන මහතා විසිනුත් සිදුකර තිබුණි.
සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල මහතා, ගණකාධිකාරි පුබුදු කුරුප්පු අච්චිගේ මහතා , සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) නිලංකා සම්පත් මහත්මිය ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ

























