වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මතුවී ඇති ආර්ථික අර්බුදය හමුවේ ආහාර අර්බුදය ජයගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක " අහරින් සපිරි කොළොම්තොටක් " වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම,කැස්බෑව ,මහරගම,කඩුවෙල,පාදුක්ක හා සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් වැඩිහිටි හා ආබාධිත නිවාසය වල ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මත වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් සදහා ගෙවතු වගා පුහුණු වැඩසටහනක් හා පොහොර, එළවළු බීජ පැකට් බෙදාදීමේ වැඩසටහනක් අද දින ( අගෝස්තු 16 ) පවත්වන ලද්දේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී.
ගෙවතු වගා පුහුණුව සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ කහතුඩුව කෘෂිකර්ම උපදේශක ඉන්දික ගුණසේන මහතා විසින්.
දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරිනී දුෂ්මන්ති ධර්මසේන මහත්මිය , දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරිනී චිත්‍රානි රන්කොත් මහත්මිය, වැඩසටහනට සම්බන්ධවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයෙහි ( 6 ) සමාජ සේවා නිලධාරීන් හා එම කොට්ඨාසවල වැඩිහිටි හා ආබාධිත නිවාසයන්හි වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
කොළඹ දිස්ත්‍රික් පළාත් සමාජ සේවා අංශයේ සම්බන්ධීකරනයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල මහතාගේ උපදෙස් මත හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
























