හෝමාගම කහතුඩුව පොලිස් ස්ථානයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් වෑතර මහ විද්‍යාලයේ සිසු දරුවන් සදහා යහපත් ළමා පරපුරක් ගොඩනැගීමේ අරමුණින් "ළමා ආරක්ෂාව " පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දිනදී ( අගෝස්තු 18 ) පවත්වන ලද්දේ වෑතර මහ විද්‍යාලයීය ශාලාවේදී .
කහතුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.ඒ. ප්‍රියංකර මහතා, කාන්තා හා ළමා ඒකකයේ කාන්තා පොලිස් සැරයන් රේණුකා ශ්‍යාමලී මහත්මිය, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී තේජන්ති වීරසේන මහත්මිය , සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර චමිලා ජයතුංග මහත්මිය මෙම වැඩසටහනට එක්වූ අතර වෑතර මහ විද්‍යාලයීය විදුහල්පති ග්‍රේෂන් පෙරේරා මහතා , නියොජ්‍ය විදුහල්පති තුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් ද මෙම වැඩසටහනට සම්බන්ධ විය.






















