කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ  සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාස අතර ක්‍රියාත්මක  " අහරින් සපිරි කොලොම්තොටක් " ගෙවතු  වගා සංග්‍රාමයට සමගාමීව  මත්තේගොඩ නැගෙනහිර  ග්‍රාම සංවර්ධන සමීති  සාමාජිකයින්   වෙත නාගරික ගෙවතු වගාව  පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්  ඉකුත්  18 දින පවත්වන  ලද්දේ  මත්තේගොඩ  නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ දී.

 

මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ  මානව සම්පත්  සංවර්ධන නිලධාරී සනත් මල්ලවආරච්චි මහතා  විසින්

මීට සමගාමීව  එළවළු පැල හා බීජ පැකට්  ලබාදීමක්ද සිදුකෙරුනා .

ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය  ග්‍රාම සංවර්ධන නිලධාරී , මානව සම්පත් සංවර්ධන නිලධාරිනියන්,  මත්තේගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී  කණ්ඩායම  වන ග්‍රාම නිලධාරී , සංවර්ධන නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරිනී හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී , ග්‍රාම සංවර්ධන සමීති සාමාජිකයින් ඇතුළු ප්‍රජාව මීට එක්විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස්  මත ග්‍රාම  මෙම ගෙවතු  වගා සංග්‍රාම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

 

 

Image001UrbanGardeningMattegodaEast

Image002UrbanGardeningMattegodaEast

Image003UrbanGardeningMattegodaEast

Image004UrbanGardeningMattegodaEast

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top