හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ පාසැලේ 9,10 හා11 ශ්‍රේණි වල සිසු දරුවන් සදහා කුසලතා පාදක මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව හා නව යොවුන් වියේ සිදුුවන කායික මානසික වෙනස්කම් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු තිහ (30) දින පවත්වන ලදී.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක මෙනවිය මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබ දෙන ලදී.
පුනුරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ කොළඹ දිස්ත්‍රික් පුනුරුත්ථාපන වුවන්ගේ ආර්ථික සමාජීය හා සුබ සාධන කටයුතු කාර්යාලයේ ලුතිනන් කර්නල් මයාදුන්න මහතා හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයද මෙම වැඩසටහනට සහභාගී විය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙල්ගෙදර මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.




















