හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාගොඩ නගරය හා පනාගොඩ බටහිර  වසම්  දෙකෙහි  අඩුආදායම්ලාභී කාන්තාවන් සදහා  අත්කම් පුහුණු වැඩමුළුවක්  සැප්තැම්බර්  හතර (4 ) දින පනාගොඩ නගරය වසමේදී පැවැත්වුනි.

ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ  පුහුණු හා පර්යේෂණ නිලධාරිනී  මංගලිකා වනසුන්දර මහත්මියගේ සම්බන්ධීකරනයෙන්  ලේඩි ග්‍රීන් ආයතනයේ  ප්‍රධාන විධායක නිලධාරිනී නිරෝශනී රත්නින්ද මහත්මිය  විසින් මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

අඩුආදායම්ලාභී කාන්තාවන්ගේ  ආර්ථික  මට්ටම ඉහල නැන්වීම මෙම වැඩසටහනේ  අරමුණ  විය.  අත්කම් නිෂ්පාදන ලේඩි ග්‍රීන්  ආයතනය විසින්ම  මිළදී ගෙන කාන්තාවන් ට  ශක්තියක්  වීමට ද එකගතාවය පලකර ඇත.

පනාගොඩ බටහිර  හා පනාගොඩ නගරය  සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සරෝජනී  අල්විස් මහත්මිය විසින්  මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Image001HandicraftTrainingPrograminHomagama

Image002HandicraftTrainingPrograminHomagama

Image003HandicraftTrainingPrograminHomagama

Image004HandicraftTrainingPrograminHomagama

Image005HandicraftTrainingPrograminHomagama

Image006HandicraftTrainingPrograminHomagama

Image007HandicraftTrainingPrograminHomagama

Image008HandicraftTrainingPrograminHomagama

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top