සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහ සංගම් අංශය හා සභා ශ්‍රී ලංකා පදනම එක්ව සංවිධානය කරන ලද "ගෘහාශ්‍රිතව ඇගළුම් කර්මාන්තයෙහි නියැලී සිටින කාන්තාවන් සංවර්ධන කිරීමේ සිව්දින ( 4 ) පුහුණු වැඩසටහනක් සැප්තැම්බර් විසිහය ( 26 ) දිනදී හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කරන ලදී .
හෝමාගම ,කැස්බෑව, සීතාවක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරෙහි කාන්තා ව්‍යවසායකයින් මෙම පුහුණු වැඩසටහනට සම්බන්ධ වූහ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහ සංගම් අංශයේ කළමනාකාරු බී.එම් .එම්.ජී.එස් .බණ්ඩාර මහතා, සභා ශ්‍රී ලංකා පදනමේ ප්‍රධාන විධායක නිලධාරී දිනූෂ රාජරත්න මහතා සහ පුහුණු හා අගයදාම කළමනාකාරු රොෂිනි වනිගසේකර මහත්මිය , සමෘද්ධි පුජා මූල බැංකු සමීති කළමනාකාරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය.මූලස්ථාන කළමනාකාරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය , ව්‍යාපෘති කළමනාකාරු පියනන්ද සමන් කුමාර මහතා හා ව්‍යාපෘති සහකාර රේණුකා ජයසූරිය මහත්මිය මෙම අවස්ථාවට එක්වූහ .














