ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරමින් පිටිපන නගරය සමෘද්ධි කැකුළු ළමා සමාජයේ දරුවන් වෙනුවෙන් සාරධර්ම, වැඩිහිටියන්ට සැලකීම , ගුණධර්ම හා අන්තර්ජාලය නිසියාකාරව භාවිතා කරන ආකාරය පිළිබද දැනුවත් කිරීමක් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරී සමන්ත අරඹේගම මහතා විසින් සිදු කරන ලදී .
දැනුවත් කිරීමෙන් අනතුරුව දරුවන් වෙනුවෙන් හා වැඩිහිටියන් සදහා දිවා ආහාරය පිරිනැමීම ද දරුවන් වෙනුවෙන් ඉතුරුම් කැට ලබාදීම ද සිදුකරන ලදී.
පිටිපන නගරය ග්රාම නිලධාරිනී, සංවර්ධන නිලධාරී ඇතුළු ක්ෂේත්ර කාර්යය මණ්ඩලය ද වැඩිහිටි සමීතියේ නිලධාරීන් ද ප්රජා මූල සංවිධානයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.
පිටිපන නගරය සමෘද්ධි සංවර්ධන නිලධාරිනී තුෂාරි කුමුදුනී මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














